කළුතර නාගොඩ මහ රෝහලේදී පසුගිය 20 වැනිදා කාන්තාවකගේ දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ඇගේ වම් පියයුර ශල්‍යකර්මයකට භාජනය කළ පසුව දකුණු පියයුර ද ශල්‍යකර්මයකට භාජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පරීක්ෂණය සිදුකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්ථාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රදීප් විජේසිංහ මහතාට නියෝගකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය ද පරීක්ෂණයක් ආරම්භකර ඇත.

