වම දකුණ මාරු කළාට ත්‍රිපුද්ගල පරීක්ෂණයක්


කළුතර නාගොඩ රෝහලේදී කාන්තාවකගේ වම් පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ගොස් දකුණු පියයුර ශල්‍යකර්මයකට ලක් කිරීම පිළිබඳ පර්යේෂණයේ මූලික වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලික මහීපාල මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

සතියක් ඇතුළත එම වාර්තාව අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙස කමිටුවට දන්වා ඇත.

මේ සැත්කම පසුගිය 20 වැනිදා සිදුකැරිණි.