අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වු ස්ථානයේදී ප්‍රථම වතාවට අද (18) පිරිසක් පෙහෙවස් සමාදන් වුහ.
ඔවුන් තෙලවල හා මොරටුව යන ප්‍රදේශයන්හි පදිංචි කරුවෝය.තෙලවල ගම්මානයේ පදිංචි ජී සි ප්‍රනාන්දු මහතා මීට පෙර අවස්ථාවකදී මෙම ස්ථානයට පැමිණ අරන්තලාව ඡාත්‍යන්තර භික්ෂු මධ්‍යස්ථානාධිපති උතුරු නැගෙනහිර පිරිවෙන් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිදිවැල සෝමරතන හිමියන්ගෙන් අවසරය ලබාගෙන සිය ගම්වාසීන් රැගෙන අවුත් මෙසේ සිල් වැඩසටහන සම්පාදනය කළේය.
භික්ෂු මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා වතුර ටැංකියක් හා අධාරකයක්ද ඔවුහු පිරිනැමුහ.
1987 ජුනී 2 වැනිදා කොටි ප්‍රහාරයයකින් භික්ෂු 31 නමක් ඝාතනයට ලක් වුහ.
.