වඳුරඹ ඕ.අයි.සී යළි වඳුරඹටම


හිටපු නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතාගේ ක්‍රියාවක් නිසා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වු වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පනංගල ලියනගේ කීර්තිසිංහ නැවත වඳුරඹ පොලිස් ස්ථානාධිපති ලෙස පොලිස්පතිවරයා විසින් පත් කරනු ලැබීය. පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

පසුගිය ජනාධිපතිවරණය සමයේ අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැති වරයාගේ, ආධාරකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට පොලිස් ජීප් රථයෙන් රැගෙන යද්දී නියෝජ්‍ය ඇමැතිවරයා ඔවුන් බලහත්කාරයන් ඔහුගේ රථයට නංවාගෙන  උසාවියට රැගෙන යාමේ සිද්ධියෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්විය.