වඳිනහෙළයාය රක්ෂිතයේ මහ ගින්නක්


වැල්ලවාය වඳිනහෙළයාය රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගින්න විශාල වශයෙන් පැතිරෙන බැවින් එය නිවා දැමීමට යුද හමුදාව කැඳවූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධයක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි. මේ වනවිට ගින්න පැතිරීම වළක්වා ඇති බවත් දැනට අක්කර 500 ක පමණ භූමියක් විනාශ වී ඇති බවත් දැනගන්නට ඇත.