වඳවෙන සතෙක් අ′පුරෙන් හමුවේ


ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු  අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට බාර දුන්නේය.

වද වී ගෙන යන නිශාචර සත්වයකු ලෙස රතු දත්ත ලැයිස්තුවට  නම ඇතුළත් උණ හපුළුවන්ගේ රතු උණහපුළුවා සහ අළු උණ හපුළුවා වශයෙන් හඳුන්වන උණ හපුළු විශේෂ දෙකට අයත් උප විශේෂ හතරක් ශ්‍රී ලංකාවේ සිටී. වියළි කලාපයේ හා නකල්ස් කලාපයේ අළු උණහපුළු විශේෂ දෙකක් හා තෙත් කලාපයේ හා කඳුකරයේ රතු උණ හපුළු උප විශේෂ දෙකක් දක්නට සිටිති. ඉන්දියාවේ ද අළු උණ හපුළු විශේෂය ඇතත් අනුරාධපුරයේ දැකිය හැකි ලෝරිස් ලයිඩකෙරියානුස් නෝඩිකස් නමැති අළු උණ හපුළු උප විශේෂය ශ්‍රී ලංකාවට ආවේණිකය.

වසර හැත්තෑවකට පසු කඳුකර උණ හපුළුවකු  හෝර්ටන් තැන්නේදී මෑතකදී  දැක ගත හැකි විය.

කැලෑ කැපීමෙන් උණ හපුළුවාගේ වාසස්ථාන නැති වීමෙන් මෙම සතාගේ පැවැත්මට බරපතල තර්ජන එල්ල වී ඇත.

DSC00699 DSC00700