වනිතා ඇමැතිනී ජගත් මණ්ඩල මහ වනිතාව හමුවෙයි


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝර්ක් නුවර මූලස්ථානයේ දී වනිතා ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර එහි නියෝජ්‍ය මහ ලේකම් හා එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු පිළිබඳ විධායක අධ්‍යක්ෂිකා පුම්සිලේ ම්ලම්බෝ න්ග්කා හමුවී සාකච්ඡා කළාය.

දකුණු අප්‍රිකාව් උප ජනාධිපතිනිය වූ ඇය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ ශ්‍රි ලංකා ඇමතිනිය සමග සාකච්ඡා කළාය.

රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ කරගෙන යන කාන්තා වැඩපිළිවෙළ ගැන ඇමැතිනිය ඇය දැනුම්වත් කළාය.

උතුරු නැගෙනහිර කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගෙන ඇති විසඳුම්ද කාන්තා කාර්යාංශය හා ඒකාබද්ධව පොලිස් ඒකක පිහිටුවීම හා ශ්‍රී ලාංකික කාන්තාවන් දේශපාලන කටයුතුවලට වැඩි වැඩියෙන් සහභාගි කරගැනීමේ ඉඩකඩ ගැනද දෙදෙනා අතර සාකච්ඡා විය. කාන්තා හිංසනය පිටු දැකීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති වැඩපිළිවෙළ ගැනද ‘ඔහුට ඇය‘ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කඩිනමින් ක්‍රියාත්මක කිරීම හා මානසික මනෝවිද්‍යා වැඩපිළිවෙළ පවත්වාගෙන යාම ගැනද දෙදෙනා අතර සාකච්ඡා විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති නිලූක කදුරුගමුව හා මධූක වික්‍රමාරච්චි හා වරුණි මුතුකුමාරණ මහත්ම මහත්මීහුද මේ සාකච්ඡාවට එක්වූහ.

web1 web2