බොරැල්ලේ වනාතමුල්ල සින්නදූපතේ ‘මලී‘ නම් කතක හෙරොයින් මත් කුඩු ගුලියක් ගිල අසනීප වීමෙන් පසුව රෝහලේදී මරුමුවට පත් වූ බව පොලිසිය පවසයි.
පොලිසිය මත්කුඩු වටලද්දී ඇය ගුලි දෙකක් කටේ දමා ගන්නට තැත් කළ බවත්, එක ගුලියක් ගිලීම වළක්වා ගත් නමුත් අනික් ගුලිය ගිල ඇති බවත් පොලිසිය කියයි.
ඇගේ පවුලේ සමීප සාමාජිකයන් රැසක්ම මත්කුඩු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදින බව ද පොලිසිය පවසයි.