පුත්තලම වනාත විල්ලුවේ රජයට අයත් අක්කර 160 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් කැබලි කඩා විකිණියැයි කියන රොෂාන් සමන් රත්නායක නොහොත් හෙල්ගසන් නැමැති නොර්වේජියා ජාතිකයා රුපියල් කෝටියක පෞද්ගලික ඇප දෙකක් මත පුත්තලම මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය විසින් මුදා හරිනු ලැබීය.
ග්‍රීන් ෆීල්ඩ් නම් ආයතනයක සභාපති වශයෙන් ඔහු මෙම ඉඩම් විකුණා ඇතැයි ජනාධිපති විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අධිකරණයට දැන්වීය
සැකකරු අපේක්ෂිත ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කැර තිබිණි.
හොරට විකිණු මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියි පොලිසිය උසාවිය හමුවේ කියා සිටියේය.