දියණියගේ මරණය වෙනුවෙන් වෛද්‍යවරයකුගෙන් වන්දි ඉල්ලා ඇගේ දෙමාපියන් පැවරූ නඩුවක් වාරියපොළ දිසා විනිසුරුවරයා විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරිම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය දිසා විනිසුරුවරයා ලබාදී තිබූ එම නියෝගය නීතියට පටහැනි බවට නිගමනය කර එම නියෝගය බල රහිත කිරිමට නියෝග කළේය.
සරත් දිසානායක සහ සුමුදු පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන් ඉදිරියේ මෙම අභියාචනය අවසන් වශයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේ මෙසේ නියෝග කැරුණු අතර තම දියණිය මිය ගියේ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත ඇයට ලබා දුන් බෙහෙත් විස වීම හේතුවෙන් නිසා ඒ වෙනුවෙන් ආදාළ වෛද්‍යවරයාගෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා පැමිණිලිකාර අඹු සැමියෝ නඩුව ගොනු කැර තිබිණි.

