එක් අයකුගෙන් රුපියල් කෝටි 50 බැගින් වන්දි ඉල්ලමින් වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සිව්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව අද (29) දිසා අධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සමථයකට පත්කිරීමට යෝජනා විය.
දෙපාර්ශවයේ නීතිඥවරු සමථවීමට කැමැත්ත පළ කර සිටි අතර ම සේවාදායකයන් සමග සාකච්ඡාකොට මීළඟ නඩු දිනයේදී ඒ පිළිබඳ දැනුම්දීමට එකඟවූහ.
එක්සත් ජාතික පක්ෂයේ සිට දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිපයට එකතුවූයේ රුපියල් කෝටි 25 ක මුදලක් ලබාගෙන යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්වන හරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ හා රන්ජන් රාමනායක මාධ්‍ය සාකච්ඡාවලදී ප්‍රකාශ කිරීමට විරුද්ධව වයඹ මහ ඇමැතිවරයා මේ නඩුව පවරා තිබිණි.

