යේමන ජාතිකයකු මරා දැමීයැයි සෞද්ධි අරාබියේ අධිකරණයකින් මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි ඔවුන්ගේ ඥාතීහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලති.
මහව, රාගම හා දෙහිවල පදිංචිකරුවන් වන නිලන්ත බණ්ඩාර තෙන්නකෝන්, ගයාන් උජිත නානායක්කාර හා ක්‍රිස්ටි වෙදමානික්කම් ඔවුහුය.
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයෙන් 2008 ජනවාරි 31 වැනි දා ඔවුන්ට දැනුම් දී ඇත්තේ ජෙඩා හි දී මරණයට පත් කළ යේමන් ජාතික ඔමාර් යෙස්ලම්ගේ මරණය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටින තිදෙනා වන්දි ගෙවා සමාව ලබා ගැනීමට හැකි බව ජෙඩාහි තානාපති කාර්යාලයය දැන්වූ බවයි.
එම වන්දිය ගෙවීමට පෞද්ගලිකව නොහැකි නම් ධානපතියකු හෝ ස්වේච්ඡා සංවිධානයක් මාර්ගයෙන් කළ හැකිද යන්න දන්වන ලෙසත් ඔවුන් කියා ඇත.
ශ්‍රී ලාංකිකයන් තිදෙනා කෙසේ හෝ බේරා දෙන ලෙස ඔවුන් එකල ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට දැන්වුවද සහනයක් ලැබී නැත.
ඔවුන්ගේ ඥාතීන් කියනුයේ පෙබරවාරි මාසයේ ඔවුන්ගේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවට දැනගන්නට ඇති බවයි. වසර අටක් තිස්සේ සිර ගතව සිටින මේ තිදෙනා නිදහස් කර ගැනීමට මැදහත් වන්නැයි ඔවුන් ජනාධිපතිගෙන් ඉල්ලයි.

