එස් මසූදා නම් ශ්‍රී ලාංකික සේවිකාවක මරා දැමීයැයි කුවේට් රාජ්‍යයේදී මරණ දඩුවමට නියම වී පෝරකයට යන්නට ඔන්න මෙන්න කියා තිබියදී මරණකාරියගේ යැපෙන්නවුනට වන්දි ගෙවා පෝරකයෙන් නිදහස් වූ බව කුවේට් ආරංචි කියයි.
මරණදඩුවම පැනවීමට දෙදිනකට පෙර මෙසේ නිදහස ලැබූවේ චෙන්නායි නුවර සුරේෂ් ෂන්මුගසුන්දරම් හා චෙල්ලප්පන් කාලිදාස් යන දෙදෙනායි. ඔවුන් සමග ශ්‍රී ලාංකික කතක වන ප්‍රමිලා රෙකී මිනීමැරුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියාය. ඉන්දීය තානාපති කාර්යාලය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් චෙන්නායි දෙදෙනාට මේ නිදහස ලැබිණි.
චෙල්ලප්පන් රුපියල් හය ලක්ෂයක් මරණකාරියගේ පවුලේ සමීප සාමාජිකයනට ගෙවා ඇත.
සුරේෂ් කොපමණ මුදලක් ගෙව්වේදැයි දැනගැනීමට නැත.
කුවේට් මධ්‍යම සිර ගෙදර සිටින මේ දෙදෙනාට අඩු දඩුවමක් ඉල්ලා ඉන්දියා තානාපති කාර්යාලයය කරුණු දක්වා ඇත.