සරාගී නිරූපිකාවක් වන කිම් කාර්ඩේෂන් ඇමෙරිකානු වෙබ් අඩවියක් සඳහා නඩුවක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරදී ඇයගේ නවාතැනට කිසියම් පිරිසක් පැමිණ කළ මංකොල්ලකෑම සම්බන්ධයෙන් කාර්ඩේෂන් ව්‍යාජ තොරතුරු පොලීසියට ලබාදී ඇති බවට එම වෙබ් අඩවිය මගින් හෙළි කිරීම හේතුවෙන් ඇය මෙලෙස වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර තිබේ. කිම් විසින් ප්‍රකාශ කර තිබුණේ, තම නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍රයක් ඇතුළු ඩොලර් මිලියන 10ක් පමණ වටිනා භාණ්ඩ රැසක් මංකොල්ලකරුවන් පැහැරගත් බවයි.
එහෙත් අදාළ වෙබ් අඩවිය පෙන්වා දී ඇත්තේ කිම් කාර්ඩේෂන් පොලීසියට ලබා දුන් තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.
සොරකම් කළ බවට පැවැසූ රූපවාහිනී යන්ත්‍රයද එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කළ වීඩියෝවකින් පෙන්වා තිබූ බවද වාර්තා වෙයි. මෙම අසත්‍ය තොරතුරු හමුවේ තම කීර්තිනාමය සිදුවූ කැළල වෙනුවෙන් වෙබ් අඩවියෙන් සහ එහි අධ්‍යක්ෂකවරයාගෙන් වන්දි ඉල්ලා නඩුව ගොනු කරන බවයි කිම් පවසා තිබේ.