මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවනට ජය පතා ආශිර්වාද පූජාවක් සහ වනපස මලින් ශ්‍රී ඝටීකාර මහ සෑ රඳුන් වන්දනාව මාලඹේ පිට්ටුගල අමාවතුර මහමෙවුනාව භාවනා අසපුවේදී දෙසැම්බර් 6 වැනි උඳුවප් පොහෝදා පස්වරු 5 සිට පැවැත්වීමට නියමිතය.
අමාවතුර අසපුවේ බුදු-පසේ බුදු-අරහන්තක මහා විහාරයේ සිරි ඝටීකාර සෑ මළුවේදී පිංකම පැවත්වෙන අතර තම ප්‍රදේශයෙන් සපයාගත හැකි වනපස මල්ද රැගෙන වන්දනාවට පැමිණෙන මෙන් සංවිධායක මණ්ඩලය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
සිරි ඝටීකාර චෛත්‍ය වන්දනා කමිටුව, මහාමේඝ පුවත් සඟරාව සහ කල්‍යාණ මිත්‍රයෝ යොවුන් සභාව පිංකම සංවිධානය කරයි.

