වනජිවි නියාමකවරුන් සහ ක්ෂේත්‍ර නිළධාරින්ගේ වැඩ වර්ජනය නිසා කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්‍යාන නැරඹිමට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ ජිවිත අනතුරේ වැටී ඇති බව සංචාරකයෝ පවසති.
වෙනදා උද්‍යානය නැරඹීමට යෑමේදී අවියක් සහිත වනජිවි නියාමකවරයකු තම රථයේ ගමන් ගන්නා නමුත් සෙනසුරාදා (25) සිට කිසිවෙකු ආරක්ෂාව සඳහා නොපැමිණෙන බව ද ඔවුහු කියති.
‘‘නියාමකවරුන්ගේ වැඩ වර්ජනය නිසා මේ දිනවල උද්‍යානය නැරඹීමට එන සංචාරකයින්ට ආරක්ෂාවක් සපයන්න විදියක් නැ.. ස්වේච්ඡා නියාමකවරු සිටියත් ඒ අය සඳහා අවි ලබා දිමට නීතිමය අවසරය අපට නැහැ. දෙස් විදේස් සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබද අවදානමක් තියෙනවා.‘ යැයි මේ ගැන කළ විමසීමක දී වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියයෙක් පැවසීය.




