හම්බන්තොට බුත්තල හා කතරගම දැඩි නියඟත් සමඟ වන සතුන් දඩයම වැඩි වී ඇතැයි ඌව පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා කියයි.
ජලය සොයා යන ගෝනුන් ,මුවන් වැනි සතුන්ට උගුල් අටවා ඇතැයිද ඔවුන් කියයි.
සිලිසිලි බෑග්වලට හෝ සීඳීගෙන යන දියකඩිති වලට උග්‍ර විස සහිත වල් නාශක දමා සතුන් මරා විකුණන බව සොයාගෙන ඇත.වල් මී හරකුන්ද මේ ආකාරයට මරා මස් කැර ගෝන මස් ලෙස විකුණතියි කියති.
මෙම මස් කෑම මිනිසාට බෙහෙවින් අහිත කැර බවත් වනජීවී නිලධරයෝ පවසති. මේ අතර නියඟය නිසා ගිරිතලේ රක්ෂිතයේ අලි ඇතුනටද ජල හිගය බෙහෙවින් බල පෑ ඇත.

