සිතුම් චතුරංග
නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ පැවැත්වෙන වන රෝපා ජාතික වැඩසටහන අද (5) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම තම්පනෙයිකුලම් හී දී පැවැත්විණි.
මන්නාරම තම්බනෙයිකුලම් ප්‍රදේශය ආවරණය වන පරිදි වන රෝපා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව ද මෙහිදී ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ වන ආවරණය 32%ක් දක්වා වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියවට නංවා ඇති අතර සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කරනු ලැබ ඇත.
පරිසරයේ හරිත බව ප්‍රවර්ධනය හා එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන බව තහවුරු කිරීම, හායනයට ලක් වූ භූමි ප්‍රදේශ සුවිශේෂ රුක් රෝපණ ක්‍රමවේද තුළින් ප්‍රතිස්ථාපනය වැඩසටහනේ අරමුණයි.
මන්නාරම් දිස්ත්‍රික් වැඩසටහනේ දී දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 2000 ක කෘත්‍රිම වන වගාවක් ඇති කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1.7 ක් විටිනා පැළ බෙදා දීමක් ද සිදුකිරීමට නියමිතය.
වැඩසටහන සඳහා අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.