තව එක් මැතිවරණයකින් පසු තමා දේශපාලනයෙන් සමු ගන්නා බව වනජීවී ඇමැති ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා මොණරාගල මාලිගාවිල විහාරස්ථානයට ඇත් දළ ජෝඩුවක් පරිත්‍යාග කරමින් කීවේය.
‘අපේ තියෙන ඔක්කොම ගස් මොරටුවෙන් ඇවිත් කපාගෙන යනවා. අපි වවන අපේ ගහ අපිට වවාගන්න බැරි වුණාට මොරටුවේ මහත්තයෙක් ආවොත් අවසර ලැබිලා කැපිලා පැටවිලා අපේ පාරවල් බෝක්කු කඩාගෙන කොට ලොරි පිටින් පටවාගෙන යනවා.
මේ සම්පත් සංරක්ෂණය කරන්න තමයි ජනපති මට මේ අමාත්‍යංශය භාර දුන්නේ. යුද්දෙටත් වැඩිය අමාරු කාර්යයක් තමයි මට කරන්න තියෙන්නේ.
සතුන් පෙළපාළි යන්නේ නෑ. ඒ සතුන්ගෙන් මට කිසිම කරදරයක් නෑ. කරදරේ තියෙන්නේ මිනිස්සුන්ගෙන්. අලි ඉන්න තැනට අපි ගිය නිසා අද අලින්ගේ ප්‍රශ්නය වැඩි වෙලා. ‘

