වන අලියාගේ පහරින් තිදරු පියා මරුට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙදී අද ( 4 ) වල්  අලියකු පහර දිමෙන් තිදරු පියෙකු මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කල්අඩිය හයේ කණුව ප්‍රදේශයේ තාවකාලික ලෙස පදිංචි සිටි  53 හැවිරිදි එම්.එම්.තිලක් නිහාල් කුමාර නැමති   ගස්නැග පොල් කැඩිමේ නිරත වු   තිදරු පියකු බව කියයි.

මරණයට පත්වු තැනැත්තා කොට්ටුකච්චිය කජුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ පලමු විවාහයේ බිරිද වසර කිපයකට පෙර මරණයට පත්විමේන් පසු මොහු  කල් අඩියෙ ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් සමඟ වසරක පමණ කාලයක් දිවි ගෙවමින් සිටියදි එම නිවසේ සිට ශරීර අවශ්‍යතාවයක් සදහා නිවසින් එළියට විත් මීටර් 20 කට  ආසන්න දුරකට යාමටත් මත්තෙන් කඩා වැදුණ අලියා මෙම මොහුට පහර දි ඇති බව පොලිසිය කියයි.

මරණයට පත් තැනැත්තාට පලමු විවාහයෙදි දරුවන් තිදෙනෙකු සිටින බව කියයි. මොහු පොල් කැඩිම තම ජීවිකාව කර ගනිමින් සිටි මෙම තැනැත්තෙකු බව කියයි.