වන අලි පහර කෑ පිය-පුතු රෝහලේ


(ප්‍රසාද් රුක්මල් )

කොස්ලන්ද උඩ දියලුම ඇල්ල රක්ෂිතයේ පෙම්වතුන් යුවලක්  කුඩාරමක් තුල රැය පහන් කරමින් සිටියදී  පහරදී තරුණියක  මරා දැමු වන අලියා ඌව මාවෙලගම ප්‍රදේශයේ දී යතුරුපැදියක  යමින් සිටි පිය පුතු දෙපලකටද පහරදීමෙන් පියපුතු දෙපල තුවාල ලබා මොණරාගල සිරිගල රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි .

වන අලියකු  පහරදීමෙන් මෙසේ රෝහල් ගත කර ඇත්තේ කොස්ලන්ද ඌවමාවෙලගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පියෙකු සහ කොස්ලන්ද විදුහලේ  5 වසරේ ඉගෙනුම ලබන 10 හැවිරිදි පුතෙකු යැයි පොලිසිය කීය .

මෙම  සිසුවා පියා සමග යතුරුපැදියක ගමන් කරමින්  සිටියදී ඌවමාවෙලගම ප්‍රදේශයේ මාර්ගය අසල සැරිසරමින් සිටි වන අලියා මෙසේ පිය පුතු දෙපලට පහරදී යතුරුපැදියටද පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .

මොවුන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය