වන අලි පහර දී තිදෙනෙක් රෝහලේ


(චන්ද්‍රසේන ගමගේ)

අගුණකොළපෑලැස්ස හඳුන්කටුව ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති වන අලින් දෙදෙනකුගේ පහර කෑමට ලක්ව තිදෙනකු රෝහල්ගත කළ බව හුංගම පොලිසිය පවසයි.

වළවේ ගඟ හරහා පැමිණ ඇති මෙම වන අලින් දෙදෙනා අගුණකොළ පෑලැස්ස 10 යාය ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී ඇති අතර ඊට පැය කිහිපයකට පසුව දහය යාය ප්‍රදේශයේම නිවසක් අසල සිටි කාන්තාවකට පහර දී තිබේ.

වන අලි දෙදෙනා ජංගම දුරකථනයකින් රූපගත කරමින් සිටි තරුණයකුටද කු පහර දී තිබේ.

වන අලින්ගේ පහර කෑමට ලක් වූ තිදෙනා තංගල්ල හා හම්බන්තොට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.