ඩිෆෙන්ඩර දෙකකින් පැමිණි පිරිසක් ගාල්ලේ වදුරඹ බස් නැවතුම් පොළ ඉදිරිපිට අද පැවැත්වීමට නියමිතව තිබූ පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවට හා සැරසිළිවලට අද අළුයම හානිකරන ලදැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි. වේදිකාවේ ශබ්ද විකාශන යන්ත්‍ර ගෙන ආ වාහනයට ද ගිනි තබා ඇතත් ගින්න ඇවිලී ගොස් නැත.








