නවගත්තේගම කිවුල්වැව අතහැර දැමූ වගා ළිඳකට වැටීමෙන් අලි පැටවකු මියගොස් සිටි බව වනජිවි නිළධරයෝ කියති. වයස අවුරුද්දක් පමණ වන මෙම අලියා වතුර සොයා එන්නට ඇති බවත් අලි පැටවා ළිඳට වැටුණු පසු මව් ඇතින්න හා සෙසු අලි ඇතුන් පැටවා ගොඩ ගැනීමට උත්සහා ගත් බවට පා සලකුණුවලින් පෙනෙතියි වන නිළධරයෝ පවති.