වතුර බොන්න ඇවිත් ගෙවලුත් කඩයි


පොළොන්නරුව කිරිඔය,දිගන්නාව, විසි එකේ කණුව ගම්මාන තුනකට දින කිහිපයක් තිස්සේ වල් අලි එතියි ගැමියෝ කියති‍

ඊයේ රාත්‍රියේදී ද කිරිඔය නිවසකට ආ වල් අලියකු  නිවසේ බිත්තියක කොටසක් කඩා එහි ගබඩා කැර තිබු වී ගෝනි කා දමා තිබේ‍

අලියා පහර දීමෙන් නිවසේ  ගරාජයේ නවතා තිබු  වෑන් රථයටද හානි සිදු වී ඇත.

වස්ගමුව රක්ෂිතයෙන් එන අලි පනහක් හැටක් පමණ මේ ගම්මානය ආශ්‍රිත දිගන්නාව වැවට දිනපතා රාත්‍රියේ එතියිද එම රැළේ ‍දෙතුන්දෙනා ගම්වලට කඩා වදිතියිද ගැමියෝ පවසති‍

විදුලි වැට ක්‍රමවත්ව ඉදි නොකිරීම නිසා  මේ අලි මිනිස් ගැටුම ඇති වී ඇති බවද ඔවුහු කියති‍

 

(නිවසේ හිමිකරු කිරිඔය ගම්මානයේ එස් කේ බණ්ඩාර මහතා)