වතුර නැතොත් අක්කර 15000ක් ඉවරයි


ඇළහැර මහවැලියේ කුඹුරු අක්කර 15000ක් වාරි ජලය නොමැතිව මැරී යෑමේ තර්ජනයට මුහුණ පා සිටී.

මහවැලි ගඟේ පොල්ගොල්ලෙන් බෙදා හැරෙන ජලය සීමා කිරීම නිසා අද හෙට වැසි නොලැබුණහොත් මේ කුඹුරු පාළු වී යතියි ඇළහැර ගොවි සංවිධානයේ සභාපති ආනන්ද එදුස්සූරිය මහතා කියයි.