සතියක් තිස්සේ හික්කඩුව පන්නරගොඩ හා වවුලගොඩට නළ ජලය නොදෙතියි කියමින් එම ගම්වාසීහු අද හික්කඩුව ජල සම්පාදන හා ජලඅපවහන දෙපාර්තමේන්තු කාර්යාලයය වට කරමින් විරෝධතාවක් පැවැත්වූහ.
දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ආරක්ෂාවට පොලිසියද කැඳැවිණි.
එහි ස්ථාන භාර නිලධාරී එම් ජේ කේ ජයරත්න මහතා කීවේ එම ප්‍රදේශවල කඳු සහිත බැවින් ජලය සැපයීමේ ගැටළු මතුව ඇති බවයි. බලප්‍රදේශයටම ඇත්තේ ජල බවුසර තුනක් නිසා බවුසර මගින් හෝ ජලය ලබා දීමේ ගැටළුවක් ඇතැයි ඔහු පවසයි.

