මදුරාවල බැල්ලපිටිය වැලිකැවැල්ල අක්කර අනූව ගම්මානයට පානීය ජලය ඉල්ලා ගැමියකු වන ප්‍රදීප් ප්‍රියධර්ම (42) මහතා ගස් නැග උපවාසයක් ඇරැඹීය.
ඔහුට සහාය දක්වමින් ගම්වැසියෝ පිරිසක් ගස යට සාමාකාමී විරෝධතාවක් පැවැත්වූහ.
‘මම ජීවත් වෙන්නේ එදිනෙදා කුලී වැඩ කරලා. වතුර දෙනවා කියලා මැනගනත් ගියා. ඒත් තාම දුන්නේ නෑ. අපිට බොන්නවත්, වැසිකිළි කැසිකිළි පහසුකම් සඳහාවත් වතුර නෑ. දේශපාලඥයොයි, නිලධාරීනුයි හැමදාම අපිව රවටනවා විතරයි. ජලය දෙනකම් මම ගහෙන් බහින්නේ නෑ‘ යැයි ප්‍රදීප් ප්‍රියධර්ම ගස උඩ ඉඳගෙන පැවැසීය.