වතුර ඉල්ලා ගොවීහු පාරට බසිති


යල කන්නයේ කුඹුරු ගොවිතැන් සඳහා  බිම් සකසා ඇතත්  මහවැලි ජලය ලබා දී නැතැයි කියමින් බකමුණ හතරමං හන්දිය අවහිර කරමින් ගොවිහු  තුන්සීයක් පමණ අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.

මේ හේතුවෙන් දඹුල්ල,පොළොන්නරුව,ලග්ගල මාර්ගය අවහිර වී  දැඩි වාහන තදබදයක්ද පවතී.