වතුකරේ කතුන්ට ලොකු අපලයක්


උඩරට වතු කරයේ වතු කම්කරු කාන්තාවන් අතර  නීතී විරෝධි ගබ්සා කිරීම්  හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි  මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනී සිවගුරු සරස්වතී මහත්මිය පවසන්නීය.

උපත් පාලන කටයුතු හෝ ලිංගික අධ්‍යාපනය ගැන ප්‍රාථමික මට්ටමේ හෝ දැනුමක්  නොමැතිකම නිසා  වතුකරයේ කාන්තාවන් අතර මේ තත්ත්වය උදා වී ඇතැයි ද ස්ත්‍රී දුෂණ හා කාන්තා හිංසන ද වැඩි වී ඇතැයි ඇය කියන්නීය.