පසුගිය ජනවාරියේ සිට මැයි දක්වා අටසීයයක් පමණ බඹර හා දෙඹර දෂ්ට කිරීම් වලට ලක් වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු අංශයේ ප්‍රධාන වෛද්‍ය වරුණ ගුණතිලක මහතා කියයි.
වතුකරයේ ගස් වල ඉහළ අතුවල බඹර හා දෙඹර වද බැදීම ද දැන් වෙනස් වී ඇතැයි ද ප්‍රධාන හතුරා වන උකුස්සාගෙන් බේරීම සදහා දැන් තේ පඳුරුවල සිය වද බදින බව කියති.
තද වර්ණවලට බඹරුන් හා දෙඹරුන් ඇදී යන බවත් සීගිරියේ දෙඹරුන් ඇවිස්සීමට මුලික හේතුව මද්‍යස,සුවද විලවුන් හා අධික ඝෝෂාව බව ද ඔහු සඳහන් කරයි.
බඹර හා දෙඹර ප්‍රහාරයන්හිදී මුහුණ හා බෙල්ල ආරක්ෂා කැර ගත යුතු බව ද බඹර හා දෙඹර තුඩු ඇගිලි වලින් ඉවත් නොකර ඝන කඩදාසියක් ඒ සඳහා යොදා ගත යුතු බවත් ඔහු කියයි.
මෙම සතුන්ගේ ප්‍රහාරවලට ලක්වීමෙන් හෘදයාබාධ,වකුගඩු දුර්වල වීම හා බරපතල අසාත්මිකතා ඇති විය හැකි බව ද ඔහු පවසයි.

