මීට දින තුනකට පෙර අතුරුදන් වූ පාසල් සිසුවා සම්බන්ධයෙන් පොලිසිය හරිහැටි ක්‍රියා නොකළේ යැයි කියමින් වතුකම්කරුවෝ පිරිසක් තලවකැලේ නගර මධ්‍යයේ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් අද (6) පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නියැලී සිටිති. මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. මේ අතර අතුරුදන් වූ බව කියන සිසුවාගේ සිරුර කොත්මලේ ජලාශයේ තිබී හමු වී ඇතැයි පොලිසිය කියයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.






