වතුකම්කරු සාක්කුවට තව 380 ක් ?


වතුකම්කරුවන්ට  දිනකට  රුපියල්  1000කට  ආසන්න වැටුපක්  ලබාදිම කෙරෙහි  රජයේ අවධානය යොමුවී  තිබෙන බවත්  ලබන සිකුරාදා  (6) අවසන්  තීන්දුව ප්‍රකාශ කරන බවත් ජාතික සංවාද ඇමැති  මනෝ ගනේෂන් මහතා  පවසයි.

වතු සමාගම්, කම්කරු නියෝජිතයින් සමඟ අගමැතිවරයා කරන සාකච්ජාවකින් පසුව එම තීන්දුව ගන්නා  බවද ඔහු කීවේය.

වතුකම්කරුවෙකුට  දැනට  දිනකට  රුපියල් 480ක මුලික වැටුපක් හා තවත් රුපියල් 140 දීමනාවක් ලෙස 620 ක මුදලක් ලැබේ.