වතුකම්කරු වැටුප් ගිවිසුම ලබන සතියේ


වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් ඇතුළු සුබසාධන කටයුතු සම්බන්ධයෙන් දෙවසරකට වරක් අත්සන් කෙරෙන සාමූහික ගිවිසුම මේ සතියේදී අත්සන් කිරීමට කම්කරු පාර්ශ්වය හා වතු හාම්පුතුන්ගේ සම්මේලනය  එකගතාවකට පැමිණ ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලංගම් මහතා පැවසීය.

මෙම ගිවිසුම තුළින් කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමක් මෙන්ම ඔවුනට සහනයක්ද ඉටු වනු ඇතැයි විශ්වාස කරන බව කී ඒ මහතා කම්කරු වැටුප් කොපමණ මුදලකින් වැඩි වන්නේද යන්න පිළිබද තවමත් කිව නොහැකි බව ද මුත්තු සිවලිංගම් මහතා සඳහන් කළේය.

මෙම සාමූහික ගිවිසුම 2013 වසරේදී අත්සන් කිරීමෙන් පසු එහි කාලය 2015 මාර්තු 31 වනදායින් අවසන්වුවද මෙහි ඉදිරි වසර දෙක සදහා වූ ගිවිසුම මෙතෙක් අත්සන් කර නොමැත.