වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති හා වතු හාම්පුතුන්ගේ සංගමය අතර අත්සන් කිරීමට නියමිතව තිබූ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.
දිනකට රුපියල් දහසක වැටුපක් ඉල්ලා වතුකම්කරුවෝ දින 12ක් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණ පැවැත්වුහ. පසුව වතුහාම්පුතුන්ගේ සංගමය දිනකට රුපියල් 730 බැගින් දින හයක් ලබා දිමටත් අනෙක් දිනවලට නෙළනු ලබන තේ දළු කිලෝවකට රුපියල් 35 බැගින් ලබා දිමටත් යෝජනා කර තිබිණි.
මාස 18ක් හිඟ වැටුප් නොමැතිව එම වැටුප ගෙවීමට මීට පෙර යෝජනා කර තිබුණද දෛනිකව නෙළන තේ දළු කිලෝවකට රුපියල් 35ක් ලබා දෙන බවට වූ පොරොන්දුව වෙනස් කර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුමට එය රුපියල් 20ක මුදලක් ලෙස අඩුකර ඇති නිසා එම ගිවිසුමට අත්සන් නොකර සිටිමට ලංකා කම්කරු කොංග‍්‍රසය තිරණය කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීවේය.