
(එන් . ආරච්චි )
වතුසේවක ගැටළු මූලික කරගනිමින් කෑගල්ල පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිට දී අද (18) විරෝධතාවක් පැවැත්විණි. වතු සේවක වැටුප රුපියල් 2000 ක් කර දෙන ලෙස ඔවුහු එහිදී අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
ලංකා රතු කොඩි සංගමයේ සංවිධානත්වයෙන් මෙය සංවිධානය කර තිබිණි.

