වතු බංගලාව කොල්ල කති


උඩුගම දේවගිරිවත්තේ වතු අධිකාරී බංගලාවට ඇතුළුවූ පිරිසක් නිවැසියන් බැද දමා රාත්‍රී ආහාරය ද ගෙන නිවස කොල්ලකා පලා යමින් සිටියදී අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. පාසල් යන වයසේ දෙදෙනකුගෙන් ද සමන්විත මේ කොල්ල කල්ලිය බංගලාව කොල්ලකා පොදු බස් රථයකින් ගාල්ලට පැමිණ ඇති බව ද පොලීසිය කියයි.