වතු කම්කරුවෝ රජයට රතු එළි දල්වති


ඉදිරි මහ මැතිවරණයට පෙර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය පියවර නොගන්නේ නම් ලක්ෂ අටක් ඉක්මවූ වතු කම්කරුවන්ට දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා එක්සත් කම්කරු සේවක සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වේලායුධන් වීරසිංහම් මහතා කියා සිටියේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1000ක් කළ යුතු බවට රජයට යෝජනා කැර ඇති බවයි.