වතු කම්කරුවෝ පාරට බසිති


තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා වතුකම්කරුවන් පිරිසක් මස්කෙළිය පොලිසිය ඉරිපිට ප‍්‍රධාන මාර්ගයේ  වාඩිවි අද (4) කළු කොඩි ඔසවා උද්ඝෝෂණයක නිරත වූහ.

ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු අද පැය දෙදක පමණ කාලයක් ඇණහිටි බවද පොලිසිය කියයි.

වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනා කර ඇති නව වැටුප් වැඩි කිරිමට තමන් එකඟ නොවන බවත් දිනකට රැපියල් දහසක වැටුපක් ලැබිය යුතු බවත් උද්ඝෝෂකයෝ කියා සිටියහ.

maskeliya maskeliya2 maskeliya3 maskeliya43