රුපියල් දහසක දීමනාව තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් කෑගල්ලේ වතු 5 ක කම්කරුවෝ අද (12) කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගයේ බිම පෙරළෙමින් උද්ඝෝෂණය කළහ.
කරඩුපන වත්ත, වැලිකන්ද වත්ත, අඹදෙනියවත්ත, ගැවිලිපිටිය වත්ත, අලූත්නුවර නිව්ලැන්ඩ් වත්ත නියෝජනය කරමින් කම්කරුවෝ ඊට එක්ව සිටියහ. කරඩුපන වත්තේ සිට පා ගමනින් කෑගල්ල නගරයට පැමිණි උද්ඝෝෂකයෝ තම දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලූහ.
උද්ඝෝෂකයන් කිහිප දෙනෙක් කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් මාර්ගයේ නිදා ගැනිමට කටයුතු කළ අතර පොලිසිය ඔවුන් ඉවත් කරනු ලැබූහ.
මේ අතර අවිස්සාවේල්ල වතු කම්කරුවෝද වැටුප වැඩිකරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණියහ. එසේ පැමිණි අය අතරින් කිහිප දෙනෙක් ජනපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් ද බාර දුන්හ.
ඡායාරූප - සමන් විජය බණ්ඩාර
ඡායාරූප - ලහිරු හර්ෂණ










