වතු කම්කරුන්ගේ උද්ඝෝෂණයට සහයෝගය දක්වමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ මඩකලපුවේ උද්ඝෝෂණ පැවැත්විණි.
‘ඔවුන්ගේ ඉල්ලිම රුපියල් දාහ වහා ලබා දෙනු‘ ,‘ඔවුන්ගේ සාධාරණ උද්ඝෝෂණයට අපගේ සහයෝගය‘ වැනි පුවරු ඔවුහු ඔසවාගෙන සිටියහ.
ලංකාවේ කම්කරුවන්ගේ අයිතිය උදුරා ගැනිමට විරෝධය පාමින් ඇති කරන ලද ඊරෝස් ප්‍රජාතන්ත්‍රික පෙරමුණ අඛණ්ඩව වතුකර ජනතාව වෙනුවෙන් හඬ නගති.
මෙහිදි වතුකර ජනතාවන්ගේ වැටුප් ගැන කියමින් දිවයින පුරා වතු ජනතාවන් නොයක් උද්ඝෝෂණ පවත්වති.
ඊරෝස් ප්‍රජාතන්ත්‍රික පෙරමුණේ සභාපති ගුණසිලන් සෞන්ද්‍රරාජන් පැවසූයේ වතුකරයට මෙවැනි සහායක් ලැබුණේ ඉතිහාසයේ පළමුවරට බවයි.
වතුකර ජනතාවන්ගේ ඉල්ලිම් ඉටුවිය යුතු බව ඉල්ලා ඇති මෙම පක්ෂය ඔවුන්ගේ ඉල්ලීම් ඉටුවන තෙක් තමන්ගේ උද්ඝෝෂණ සිදුවන බවට පැවසූහ.