වතු ආශ්‍රිත ප්‍රදේශයකට සංචරණ සීමා-තවත් පෙදෙසක් හුදකලා කරයි



(රංජිත් රාජපක්ෂ)          
            
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ පහළ කොටසට සම්පුර්ණයෙන්ම සංචරණ සීමා පැනවීමටත් , බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යයේ පහළ කොටස හුදකලා කිරීමටත් සෞඛ්‍යය නිලධාරින් කටයුතු කර ඇත.
 
අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ වත්ත පහල කොටසින් ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගෙන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර  ඇති අතර , (05) දිනයේදි පමණක් එම වතු යායෙන් ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇත. ඒ අතර වයස අවු 16 ට පාසල් සිසුන් දෙදෙනෙකු සහ ගැබිණි මවක ද සිටි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
 
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යායේ පහළ කොටසින් මේ වන විට ආසාදිතයන් 8 දෙනෙකු හදුනාගෙන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර එම වතු යායේ වතු නිවාස පේලි 4 ක පදිංචි 147 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇත.