අන්තර් ආගමික සංවාදය සඳහා වන වතිකානුවේ ශූද්ධාසන කොමිසම ‘උතුම් වෙසක් තෙමඟුල‘ වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අනුදැනුම ඇතිව එහි සභාපති ජාන් ලුවී කාදිනල් තොරාන් පියතුමා ද ලේකම් මිගෙල් ආන්ජොලෝ අයුසෝ හිසෝත් පියතුමා ද මෙම නිවේදනයෙන් කියනුයේ පන්සිල්හි ප්‍රථම ශික්ෂා පදය වන පර පණ නොනැසීමේ ශික්ෂාපදය කිතුනු ආගමද අනුදක්නා බවයි.
ශ්‍රෙෂ්ඨ බෞධාගමික සම්ප්‍රදාය වෙනුවෙන් කතෝලික සභාවේ නිර්ව්‍යාජ බහුමාන හැඟීම් ප්‍රකාශ කරන බවත්, බෞද්ධාගමේ පූජනීය ග්‍රන්ථයන්හි නිතර දක්වා තිබෙන සුසංහිඳිත ජීවිත වටිනාකම අගය කරන බවත්, ජීවිතයට ගරු කිරීම, ධ්‍යානය, සරල අල්පේච්ඡ ජීවිත ගත කිරීම ඔස්සේ පොදු වටිනාකම් හා හර පද්ධති හඳුනා ගැනීම ඔස්සේ ආගම් දෙක අතර නිර්ව්‍යාජ සුහද සංවාදය පෙරටම ගෙන යෑම දිරිමත් කළ යුතු බවත් එම පණිවුඩය කියයි.