වත්මන් ආණ්ඩුව යන්නේ ඒකාධිපති වියරුවකින්


වත්මන් ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයේ ඇත්තේ මහින්ද ගෝඨාභයලා විමල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ රට වෙනුවෙන් කථා කරන ජාතික නායකයින් සිරගත කර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ඒකාධිපති වියරුවකින් යන ගමනක් යැයි මොනරාගල දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පැවසීය.

මේ ආණ්ඩුව එන්න හදන්නේ කලූ ජූලි හැදූ , ටයර් සෑ හැදූ යුගයකට නම් එය කිසිසේත්ම කරන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන ජනතාව ඉඩ නොදෙනු ඇතැයි ද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද(31)පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.