
(මොහොමඩ් ආසික්)
දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දැඩි ලෙස නායයෑමට ලක් වූ වත්තේගම ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
මෙම රෝහලේ මේ වන විට ප්‍රවේශ මාර්ග පවා අවහිර වී ඇති අතර දැඩි ලෙස නායයෑමට ලක්ව තිබේ.
මෙම කොටස තව දුරටත් පවනිත අවදානම් තත්වය හේතුවෙන් වත්තේගම ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවත් දැනට එම රෝහලේ කොටසක් පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

