ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව නොදී 2014 වත්තල ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මත කර ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි කියමින් වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු මන්ත්‍රීවරු තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
අයවැය යෝජනා බල ශූන්‍ය කිරීමට නියෝග කරන ලෙසද, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් පන් ලක්ෂයක වන්දි මුදලක් ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා ඇත.