වත්කම් හෙළි නොකළැයි දුමින්දට නඩු


වත්කම් හෙළි නොකළැයි සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබන 13 වැනි දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔහුට එරෙහිව නඩුව පවර ඇත්තේ 2011, 2012 සහ 2013 වසරවල සිය වත්කම් හෙළි නොකළ බව පවසමිනි.

අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළැයි ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.