
(සුජිත් හේවාජුලිගේ)
වත්කම් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න ඇසීම නුවණට හුරු නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ දෙරණ 360 වැඩසටහනට ඊයේ සහභාගි වෙමිනි.
සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද ප්‍රකාශ කළේය.
මට ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්.අපි දෙන්නා මේක මෙතන විභාග කරන එක සාධාරණ නැහැ. රටක නීතියක් තියෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වත්කම් වාර්තා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ පාරෙ හම්බ වෙනකොට අහල ප්‍රශ්න කරන්න නෙවෙයි.
යමෙකුට මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අල්ලස් එකට ලියල ඒ ගැන පරීක්ෂණයක් ගන්න පුළුවන්. මට මේවට උත්තර දෙන්න බැරිකම නොවෙයි.
මේ අවස්ථාවේදී හඳුන්නෙත්ති මහතා සහ නිවේදක කලිඳු කරුණාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවනුද දැක ගත හැකිවිය.
නිවේදක:
මා ඔබ පාරේ දි මුණ ගැසුනා නොවෙයි.
මේක රූපවාහිනී සංවාදයක්. ජනතාව බලාගෙන ඉන්නවා. මට ප්‍රශ්න අහන්න අයිතිය තියෙනවා. ඔබතුමාට ඕන නම් පිළිතුරු නොදී ඉන්න පුළුවන්.
ඔබලා වත්කම් බැරකම් ඉදිරිපත් කළ ආකාරයේ විශ්වාසනීයත්වය ගැන ගැටළුවක් තියෙනවා. වත්කම් බැරකම් නීතිය විහිළුවට දාලා ඉදිරිපත් කරපු ආකාරයකුත් පේනවා.
හඳුන්නෙත්ති මහතා:
ඔබතුමා මෙහෙම ප්‍රශ්න අහන එක වැරදියි. මේකට රටේ ක්‍රමවේදයක් තියෙනවා.
නිවේදක:
ඔබතුමාට පර්චස් 47ක වත්කමක් තියෙනවා. ඒ ඉඩම අත්පත් කරගත් ආකාරය සහ වටිනාකම වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කරලා නැහැ.
සුනිල් හඳුන්නෙත්ති:
ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් පැමිණිල්ලක් කරන්න පුළුවන්.

