( ලක්මි කුඩලිගම)
බුලත්සිංහල දෙනිකඩේ හංදිය ප්‍රදේශයේ නිවසක වහලය සැකසීමට ගිය වඩු කාර්මිකයෙකු වහලෙන් ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දැරණියගල පදිංචි විවාහක පුද්ගලයෙකු වන නෙලුවතුකන්ද ගමරාලලාගේ බුද්ධදාස නැමැති (50) හැවිරිදි වඩුකාර්මිකයෙක් බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා නිවසේ වහලය සකසමින් සිටියදී ඉන් බීමට ඇද වැටී තුවාල ලබා ඇති අතර තුවාල කරු බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.

