අම්පාර වඩිනාගල අද උදෑසන සුළු භූ කම්පන තුනක් සිදුවූ බවත් එම චලන වඩිනාගල සහ පල්ලෙකැලේ පිහිටුවා ඇති භූ කම්පන මානවල රිච්ටර් මාපක 2-2.5 ත් අතර අගයකින් සටහන්වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචර්ය එන්.පී.විජයනන්ද මහතා පවසයි. එවැනි සුළු භූ කම්පනයකින් දෙදරායාමක් හැර නිවාස වලට හෝ මිනිසුන්ට හානියක් සිදුවන්නේ නැත. ආචාර්ය විජයනන්ද මහතා පවසන්නේ වඩිනාගල කම්පන සිදුවන්නේ ශබ්දයක් සමග බවයි. ස්වභාවික භූ චලනයකදී එවැනි ශබ්දයක් ඇතිවන්නේ නැත. වඩිනාගල සිදුවූ කම්පන පිරික්සූ විට ඒවායින් සියයට 98 ක් පමණ දිවාකාලයේ සිදුවීමත් ගංවතුර පවතින කාලයේ එවැනි කම්පන සිදු නොවීමත් හේතුවෙන් මෙම කම්පනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකමක් බවට සැක කළ හැකිබවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

